දේශීය

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද

නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ආරම්භ කෙරේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාවාරය ආරම්භ කෙරෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

 

නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරය පසුගිය වසරේ අගෝස්තු මස 3න් වැනිදා අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කෙරුණු අතර එම සභාවාරය පසුගිය ජනවාරි මස 27 වැනිදා අවසන් කෙරුණි.

 

අද නව සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ජනාධිපතිවරයා සිය කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

 

මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයට සහභාගී නොවීමට විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගය තීරණය කර ඇති බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

 

රාජ්‍ය මුදල් වැය කරමින් උත්සවයක් සංවිධානය කිරීමට විරෝධය පළ කීරීම සඳහා එම තීරණය ගත් බව ඔහු කියා සිටියේය.

 

 

Related posts

මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනයට අවසර

Mohamed Dilsad

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment