Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (14) නියෝග කළේය.

මහජන දේපල පනත යටතේ වරදක් සිදුකළ බවට වන චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජපක්ෂ මහතා මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග ලැබීය.

මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

ඊට අමතරව, සැකකරුට විදේශ ගමන් තහනමක් පනවනු ලැබූ අතර, ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසට නියෝග කරන ලදී.

සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා, ඔහු දින 70 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ පරීක්ෂණ අවසන් වීමට ආසන්න වීම යන කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ලබා දුන්නේය.

අරගලය සමයේදී සෙවනගල පිහිටි මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලකට සහ දේපළවලට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 8.85 ක වන්දියක් ලබා ගැනීම සඳහා හානි තක්සේරු මණ්ඩලයේ නිලධාරීන්ට බලපෑම් කළ බවට වන චෝදනා මත අගෝස්තු 6 වන දින අල්ලස් කොමිසම විසින් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලදී

Related posts

Gotabaya Rajapaksa’s Case set to be taken up in December

Mohamed Dilsad

කුරුණෑගල ගමකට සංචරණ සීමා

Mohamed Dilsad

Deadline for political party registration expires

Mohamed Dilsad

Leave a Comment