Trending Newsඑසැන පුවත්දේශීය

එජාප සහ සජබ එක ගමනක් යෑම අපේ පැතුමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය එක්සත් වී එකම පක්ෂයක් ලෙස කටයුතු කිරීම සඳහා ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ ( 12) දින හැටන් නගරයේ පිහිටි තම පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ දෙක වෙන් වෙන්ව කටයුතු කිරීම නිසා දෙපාර්ශවයම පරාජයට පත් වූ බවයි.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලදී පක්ෂ දෙකම එකට එක් වී කටයුතු කිරීම තුළින් බලය ලබා ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

වතුකරයේ ජනතාව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වටා සිටින බවත්, එම පක්ෂ දෙක වතුකරයේ ජනතාවගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.

පක්ෂ දෙක එකට එක් වීම තුළින් වත්මන් රජයේ ඇතැම් ක්‍රියාකලාපයන්ට විරුද්ධව හඬක් නැගීමට හැකි වනු ඇති බවද රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.

පක්ෂයේ නායකයා කවුරුන්ද යන්න ප්‍රශ්න නොකර, එම පක්ෂ දෙකම එකට එක් වී කටයුතු කිරීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද වී. රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

News Hour – Weather Update | 06.30 AM | 01.12.2017

Mohamed Dilsad

கைத்தொழில் மற்றும் வர்த்தகம், நீண்டகால இடம்பெயர்ந்தோர் மீள்குடியேற்றம், கூட்டுறவு அபிவிருத்தி அமைச்சராக ரிஷாட் பதியுதீன்

Mohamed Dilsad

පාසල් ඇරඹීම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment