Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍රය අනිවාර්යය කරයි….

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

‍හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගත යුතු වේ.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව අමෙරිකාව සිය සංචාරක උපදේශනය මඟන් දැනුම් දී තිබේ.

Related posts

තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයේ

Mohamed Dilsad

Pakistan keen to host the 19th SAARC summit – Sartaj Aziz

Mohamed Dilsad

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

Mohamed Dilsad

Leave a Comment