Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (02) කැඳවින .

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන බවය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

மழையுடன் கூடிய வானிலை

Mohamed Dilsad

நவாஸ் ஷெரிப் மனைவி அறைக்குள் புகுந்த மர்ம நபர் கைது

Mohamed Dilsad

பசில் ராஜபக்ஷவுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு…

Mohamed Dilsad

Leave a Comment