Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සමග, ජපානයේ දී විජිත අත්සන් කළ ගිවිසුම

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද ජපාන සංචාරයේදී රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකර ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කරන ලදී.

ජනාධිපතිවරයා ජපානය සංචාරයේ යෙදුනේ එරට භාරකාර රජයක් ක්‍රියාත්මක වන අවස්ථාවක බවත් එහිදි අත්සන් තබන ගිවිසුම් නීතිමය වලංගුභාවයක් නොමැති බවත් ඔහු චෝදනා කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා එරටදී සහභාගි වූ නිල ගිවිසුම් අත්සන් තැබීමේදී අත්සන් තබන ලද ගිවිසුම් දෙකටම ජපාන පාර්ශවයෙන් අත්සන් තබන ලද්දේ ජපානය විසින් කොළඹට පත් කර සිටින තානාපතිවරයා විසින් බවටත් ජපාන රජයේ කිසුදු ඇමතිවරයෙක් හෝ ලේකම්වරයෙක් අත්සන් තබා නැති බවත් ඔහු පැවසුවේය.

-ඒ ආකාරයේ ගිවිසුම්ගත වීමක් සඳහා කොළඹ සිටින තානාපතිවරයා ජපානයට ගෙන නැති බවත් විජිත හේරත් අමාත්‍යවරයාට සහ ජපාන තානාපතිවරයාට කොළඹදී අත්සන් කරගැනීමේ හැකියාව තිබුණු බවත් ඔහු සඳහන් කළේය.

Related posts

President instructs officials to expedite programme to build new houses for disaster victims

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

ரயில் கட்டணங்கள் எச்சந்தர்ப்பத்திலும் அதிகரிக்கப்படாது

Mohamed Dilsad

Leave a Comment