Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ප්‍රසන්න රණවීර ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණය අද (30) නියෝග කළේය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව අද ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඔහුට ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා දැක්වීමෙන් පසු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්න ලෙස නියෝග කළාය.

එක් අයකු සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් බැගින් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත් තහනමක්ද පනවන ලදී

Related posts

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

First Stakeholders’ Symposium on NES begins today

Mohamed Dilsad

Multiple Grammy award Singer Aretha Franklin is ‘gravely ill

Mohamed Dilsad

Leave a Comment