Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රීපෝෂ නිෂ්පාදනය නතර වෙයි : බඩ ඉරිඟු නෑ

බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් හේතුවෙන්, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබේ.

මෙම තත්ත්වය පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව සමාගම නිවේදනය කරයි.

ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 18,000 ක බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

කෙසේ වෙතත්, ආනයන පාලක ජනරාල්වරයා විසින් ඊට යම් සංශෝධන යෝජනා කිරීම නිසා එම ආනයන කටයුතු අතරමඟ නැවතී ඇත.

මෙම සංශෝධන සහිත නව කැබිනට් පත්‍රිකාව ලබන 07 වැනිදා වනතුරු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක් බඩඉරිඟු ආනයනය සීමා කර ඇත.

ඒ අනුව, ලබන 07 වැනිදා නව අනුමැතියෙන් පසු බඩ ඉරිඟු ආනයනය නැවත ආරම්භ වීමත් සමඟම, ත්‍රිපෝෂ නිෂ්පාදනය ද යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

Related posts

ඖෂධ ආනයනය ගැන පෙත්සමකට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Tiananmen Square Tank Man photographer Charlie Cole dies

Mohamed Dilsad

Karan Johar all set to launch Prabhas in Bollywood

Mohamed Dilsad

Leave a Comment