Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉරානයට සම්බාධක පනවයි…!

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය කර තිබේ.

පසුගිය මාසයේ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යවමින්, ඉරානය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම මෙම සම්බාධක වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට ඉරානයට දින 30ක කාලයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඉරානය එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සේවය කළ තානාපතිවරුන් කිහිපදෙනෙකු ආපසු කැදවීමට ද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමෙන් දින කිහිපයකට පසු නිව්යෝර්ක් සිට ටෙහෙරාන් බලා පිටත්ව යන අතරතුර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ “අපි මේ වගේ උගුලකට හසු වෙලා හැම මාසෙම අපේ බෙල්ල වටේ තොණ්ඩුවක් තියාගන්නේ ඇයි?” ලෙසය.

ටෙහෙරානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිදු අදහසක් නොමැති බව නැවත අවධාරණය කළ ඔහු මෙය ඉස්ලාමීය ජනරජය බිඳ දැමීමට එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට විසින් සිදු කරන උත්සාහයක් බවට චෝදනා එල්ල කර තිබේ.

මෙම සම්බාධක පැනවීමේ තීරණය මාස හයකින් ප්‍රමාද කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය තුළ ඊට ලැබුණේ ඡන්ද හතරක් පමණකි.

ඒ අනුව අදාළ සම්බාධක අද (28) සිට බලාත්මක වේ.

2016 දී ඇමරිකා එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු ඉරානය තහනම් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වේගවත් කළේය. 

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු කිහිපයකට බෝම්බ හෙලීමෙන් පසු, ඉරානය එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය වන IAEA පරීක්ෂකවරුන්ට එහි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රවේශ වීම තහනම් කළේය.

ඒ, නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති සාකච්ඡා අඩාල වීමෙන් පසුවය.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දී ඇත්තේ තම රට කිසි විටෙකත් න්‍යෂ්ටික බෝම්බ තැනීමට උත්සාහ නොකරන බවය.

Related posts

Boxing will remain in Olympics: AIBA chief

Mohamed Dilsad

IMF team to resume EFF talks in February

Mohamed Dilsad

කුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment