දේශීය

අද සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත

(UTV | කොළඹ) – අද (10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව එම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අදියර කිහිපයක් යටතේ පාසල් ළමුන් අධ්‍යයන කටයුතු සඳහා පාසල්වලට කැඳවීමට මීට පෙර පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවීමට කටයුතු කර ඇති අතර පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබීමට පියවර ගෙන ඇති බව අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමත් සමග සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Related posts

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු අද යළි ඇරඹේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment