Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් 2025 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර සිදු කරන ලෙස දැනුම් දී තිබේ.

මෙම නියෝගය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, මෙම අවසන් ගෙවීම් පහත සඳහන් ක්‍රම ඔස්සේ සිදු කළ හැකිය.

Online Tax Payment Platform (OTPP) මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම.

ලංකා බැංකුවේ (Bank of Ceylon) ඕනෑම ශාඛාවක් වෙත ගොස් ගෙවීම.

මෙහිදී ප්‍රමාද වීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බව දෙපාර්තමේන්තුව අවධාරණය කලේය.

මේ හේතුවෙන්, බදු ගෙවන්නන් මුදල් ගෙවීමේ ස්ලිප් (Paying-in slips) ලැබෙන තෙක් බලා නොසිට නියමිත දිනට පෙර ගෙවීම් සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Australia strike first Ashes blow with crushing 10-wicket victory in first Test

Mohamed Dilsad

Showery condition expected to enhance over the island from today

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදානෙන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment