Trending Newsඑසැන පුවත්දේශීය

එජාපය සහ සජබය අතර එකඟතාවයක් – තිස්ස අත්තනායක

ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට නම් සියලු දෙනා එකම වේදිකාවකට පැමිණිය යුතුවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ එකතුවෙලා වැඩ කිරීමේ තීන්දුවකට එළඹිලා තිබෙනවා. ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීරණය කළා සන්ධානයක් හැටියට ඉදිරියට වැඩ කරන්න.

විශේෂයෙන්ම දේශපාලන තීන්දු ගැන අපට පස්සේ හිතන්න පුළුවන්. දැනට මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට අපි එකට වැඩකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව අනෙක් දේශපාලන පක්ෂ, මුස්ලිම් දෙමළ සංවිධාන මේ සියල්ලම එක්ක එකට වැඩකරන්න අපි දැනටමත් වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයයි සමඟි ජන බලවේගයයි එකට එකතු වෙයිද කියල සමහර අය අහනවා. දැනටමත් එකතු වෙලා වැඩ කරන්නේ. බිම් මට්ටමේ අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් වැඩකරන්න පටන් අරන් තිබෙනවා. ඒක දේශපාලන පක්ෂයක් කරන එක කියන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි ඒක අනාගතයේදී අවස්ථාව බලලා සුදුසු තීරණවලට පක්ෂ එළඹෙයි.” යැයි ද කීවේය.

Related posts

Elton John spurns hotels owned by Sultan of Brunei

Mohamed Dilsad

போதைப் பொருள் கடத்தல் விவகாரம் மேலும் நால்வர் நீதிமன்றில் ஆஜர்

Mohamed Dilsad

ඇඳිරි නීති කාලයේ අත්අඩංගුවට ගත් පිරිස 15902 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment