Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම මෙම සතියේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගය සඳහන් කරයි. .

අදාළ විශ්වාසභංග යෝජනාව දැනටමත් සකස් කරමින් සිටින බවත් එම යෝජනාව බොහෝ දුරට එළඹෙන සතියේ දී භාරදීමට නියමිත බවද සඳහන්.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තමන්ට පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ කතානායකවරයාගේ එම තීරණය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එම සිද්ධියට අමතර ව විවිධ විශමාචාර ක්‍රියා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Related posts

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අද පස්වරුවේ යථා තත්වයට

Mohamed Dilsad

பொது மக்களிடம் பொலிஸ் ஊடகப் பேச்சாளர் ருவன் குணசேகர விடுத்துள்ள வேண்டுகோள்

Mohamed Dilsad

ලංවිම විදුලි වර්ජනය තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment