Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම මෙම සතියේදී ආරම්භ කරන බව සමගි ජන බලවේගය සඳහන් කරයි. .

අදාළ විශ්වාසභංග යෝජනාව දැනටමත් සකස් කරමින් සිටින බවත් එම යෝජනාව බොහෝ දුරට එළඹෙන සතියේ දී භාරදීමට නියමිත බවද සඳහන්.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර වෙත විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තමන්ට පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ කතානායකවරයාගේ එම තීරණය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එම සිද්ධියට අමතර ව විවිධ විශමාචාර ක්‍රියා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Related posts

‘Godfather’ actor Carmine Caridi passes away at 85

Mohamed Dilsad

මැද පෙරදිග කලාපයේ ප්‍රථම යුනෙස්කෝ නිර්මාණාත්මක නගරය – ඩුබායි

Mohamed Dilsad

Iran recovers black box from Turkish plane crash killing 11

Mohamed Dilsad

Leave a Comment