Trending Newsඑසැන පුවත්දේශීය

මිද්දෙණියේ සිද්ධිය ගැන නාමල්ට එරෙහි මඩ ප්‍රචාර පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන අමුද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තම පක්ෂයේ ප්‍රධානීන්ට චෝදනා එල්ල කරමින් දියත් කර ඇති සැලසුම් සහගත ප්‍රචාරය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු ඉළක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් මෙම මඩ ප්‍රචාරයේ දියත් කර ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම ක්‍රියාකාරීන් පිරිස පැවසූහ.

මෙම රසායන ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු සතු ඉඩමක වල දමා තිබියදී හමුවී ඇති බවත් එය සැලවූ වහාම ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාා විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඒ පිළිබඳ විනය පරීක්ෂණයක් කැඳවා ඇති බවත් පැමිණිලිකරුවෝ පවසති.

මෙම සැකකරු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික මට්ටමේ සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු නොවන බව පවසන ඔවුහු ඔහු දඩමීමා කර ගනිමින් පක්ෂ නායකයින්ට හා ක්‍රියාකාරීන්ට එරෙහිව දියත් කර ඇති මඩ ප්‍රචාරය මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට බාධා විය හැකි බව පැවසූහ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු අවසන් වනතෙක් පක්ෂයේ නාමය , ලාංඡනය , නායකත්වය , ක්‍රියාකාරීන් , මන්ත්‍රීවරු සහ ඔවුන්ගේ ඡයාරූප යොදා ගනිමින් සිදුකරන අසත්‍ය ප්‍රචාර නතර කරන ලෙස පැමිණිලිකරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Related posts

ජනපති ධුර කාලය වසර 5යි .අධිකරණය කියයි

Mohamed Dilsad

FRs challenging MCC, SOFA, ACSA fixed for next year

Mohamed Dilsad

වැලිසර නාවික කඳවුර යළි විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment