දේශීය

වැලිසර නාවික කඳවුර යළි විවෘත කිරීමට සුදානම්

( UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිතයින් වැඩිම පිරිසක් හමුවූ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් හඳුනා ගැනුණු වැලිසර නාවික හමුදා කඳවුරේ මෙහෙයුම් කටයුතු හෙට (23) සිට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ අදියර කිහිපයක් යටතේ මෙය සිදු කෙරෙන බවයි.

සුගිය 19 දිනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කොවිඩ් -19 වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කිරීමට අදාල ලිපිය නාවික හමුදාපතිවරයාට දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පවසයි.

Related posts

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු 16දා ඇරඹේ.

Editor O

හපුතලේ නගරයට කඩා වැටුනු යානය ගුවන් හමුදා යානයක් – 4 ක් මරුට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment