Trending Newsඑසැන පුවත්දේශීය

වැට් ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඔන්ලයින් පමණ යි.

එකතු කළ අගය මත බදු (වැට්) තාවකාලික/ස්ථිර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම අයදුම්පත් මෙම මස 01 වැනි දින සිට බාරගනු ලබන්නේ ‘ඊ සේවාව’ හරහා පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වීමට ලිඛිතව භාර දෙනු ලබන කිසිදු අයදුම්පතක් අගෝස්තු මස 31 වැනි දිනෙන් පසුව භාරගනු නොලැබේ. තවද, එකතු කළ අගය මත බදු (VAT) සඳහා තාවකාලික ස්ථිර ලියාපදිංචි අපේක්ෂා කරන තැනැත්තකු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය මාර්ගගත ලෙස සම්පූර්ණ කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

‘ඊ – සේවාව’ භාවිත කිරීම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ වෙන යම් සහායක් ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගැනීමට කරුණාකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැතහොත් 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩි විස්තර ලබාගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එම්. ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

2020 ஆம் ஆண்டில் மாணவர்களை இணைத்து கொள்வதற்கான விண்ணப்பம்

Mohamed Dilsad

Railway Trade Union’s to discuss demands with Ranatunga

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment