Trending Newsඑසැන පුවත්දේශීය

වැට් ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඔන්ලයින් පමණ යි.

එකතු කළ අගය මත බදු (වැට්) තාවකාලික/ස්ථිර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම අයදුම්පත් මෙම මස 01 වැනි දින සිට බාරගනු ලබන්නේ ‘ඊ සේවාව’ හරහා පමණක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වීමට ලිඛිතව භාර දෙනු ලබන කිසිදු අයදුම්පතක් අගෝස්තු මස 31 වැනි දිනෙන් පසුව භාරගනු නොලැබේ. තවද, එකතු කළ අගය මත බදු (VAT) සඳහා තාවකාලික ස්ථිර ලියාපදිංචි අපේක්ෂා කරන තැනැත්තකු ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය මාර්ගගත ලෙස සම්පූර්ණ කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

‘ඊ – සේවාව’ භාවිත කිරීම සම්බන්ධයෙන් හා ඊට සම්බන්ධ වෙන යම් සහායක් ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගැනීමට කරුණාකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැතහොත් 1944 ඔස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා වැඩි විස්තර ලබාගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එම්. ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

එජාපය සහ සජබය අතර එකඟතාවයක් – තිස්ස අත්තනායක

Editor O

Manager defends players’ no-show at media conference

Mohamed Dilsad

பிரதமர் தனக்கு இரண்டு வாக்குறுதிகளை வழங்கியுள்ளார் – வியாழேந்திரன் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment