Trending Newsඑසැන පුවත්දේශීය

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරින් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ට

පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිතක්ෂයට පත්වූ, ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස්  අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රි 09ට පමණ අනතුර සිදුවිය.

පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරුද සිටින බවය. 

තවද බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ ගම්වාසීන් දෙදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි. 

Related posts

Railway Unions to strike on Aug. 29

Mohamed Dilsad

“Government has a huge program for upcountry” – Prime Minister

Mohamed Dilsad

Raghavan & IOM discuss bringing back Lankan refugees in India

Mohamed Dilsad

Leave a Comment