Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව ප්‍රසිද්ධියේ මැර ක්‍රියා කරනවා – පුබුදු ජාගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය, ආණ්ඩුව එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද (03) දින වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් එකතුව ඒකාබද්ධ මාධ්‍යය හමුවක් කොළඹ මහජන පුස්තකාලයේදී පස්වරු 3.00ට පවත්වන ලදී.

“සමහරු හිතනවා ඊයේ (02) යක්කල වුණු සිදුවීම පක්ෂ දෙකක් අතර දේපළ ප්‍රශ්නයක් ඒ නිසා ජාතික ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා. නමුත් අපි කියනවා මේක එහෙම පටු විදිහට ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපිත් දන්නවා මේ සිදුවීමේ දේපළ ප්‍රශ්නය විසඳගන්න ඕන අධිකරණයක් ඉදිරියේදී. නමුත් මේ සිදුවීම පිටුපස හැගිලා තියෙන දේශපානලන සංඥා අපි අඳුරගන්න ඕන. මොකද මේ ආණ්ඩුවේ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් තමයි ඊයේ යක්කලදි දකින්නට ලැබුණේ. ආණ්ඩුවේ ඇමතිවරු මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි අධිකරණ තීන්දුවකින් නීත්‍යානුකූලව කාර්‍යායාලය ලබාගැනීමක් තමයි වුණේ කියන එක. නමුත් අපි ආණ්ඩුවෙන් අහන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා එහෙම අධිකරණ තීන්දුවක් දීලා තියනවද ? සහ එහෙම තීන්දුවක් තියනවනං ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඇයි අධිකරණයේ පිස්කල් නිළධාරියා ආවෙ නැත්තේ ? දැන් මේ ආණ්ඩුව පොලිස් බලතල, අධිකරණ බලතල, සියල්ලම පවරගෙන වගේ තමයි කටයුතු කරමින් ඉන්නේ. ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්වයක්. මොකද යක්කලදී මහින්ද ජයසිංහ ඇතුළු ආණ්ඩුවේ මැර කණ්ඩායම ක්‍රියාත්මක වුණේ සර්වබලධාරීන් පිරිසක් වගේ.

පොලීසිය මේ සියල්ල වෙන්න දීලා නිහඬව බලාගෙන හිටියා. ආණ්ඩුවේ මේ මැර ක්‍රියා මෙතනින් නතර වෙන්නේ නෑ. ආණ්ඩුව අපිට අද දික් කරපු ඇඟිල්ල ඉස්සරහට මේ රටේ ජනතාවටත් අත් වෙන්න නියමිතයි. එදා යක්කලට ආව මැර කණ්ඩායම වැඩිහිටියන්ගේ ඉඳලා උසස්පෙළ විභාගයට පාඩම් කරමින් හිටපු ශිෂ්‍යයන් දක්වා සියල්ලන්ටම මෙලෙච්ඡ විදිහට පහර දුන්නේ. අපි සදාචාරය නීතිය කිසි දෙයක් සලකන්නේ නෑ. අපිට ඕන දෙයක් අපි කරනවා කියන සඥාව තමයි ආණ්ඩුව මේ සමාජයට දෙමින් ඉන්නේ. හැබැයි කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ කලේ හොර රහසේ. නමුත් මේ ආණ්ඩුව මේ මැර ක්‍රියා ප්‍රසිද්ධියේම කරන්න පටන් අරගෙන.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් දේපළකට ඇතුල්වෙලා පහරදෙමින් දේපළ විනාශ කරමින් නින්දිත විදිහට තමයි හැසිරුණේ. දැන් ජනතාව තේරුම් ගන්න ඕන කාරණය තමයි ආණ්ඩුවේ මේ හැසිරීම මෙතනින් නවත්තන්න මැදිහත් නොවුනොත් ඉස්සරහට මේක පොරවෙන්වත් කපන්න බැරි පිළිලයක් බවට පත් වෙනවා. මොකද ආණ්ඩුව මේ යන IMF විනාශකාරී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කියන්නෙම බලහත්කාරයෙන් මර්දනයෙන් යන්න වෙන පාරක්. ඒ නිසා තමයි ජේ ආර්ගේ ඉඳලා රාජපක්ෂලා වෙනකල් සියලු ආණ්ඩු මැර බලය සහ පාවිච්චි කරගෙන ආණ්ඩු ගෙනිච්චේ. මේ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ අපි වෙනස් නොකර IMF කොන්දේසි ඉටු කරන පාරේ යනවා කියලා. අන්න ඒ ගමනට මූලාරම්භයක් තමයි ආණ්ඩුව ඊයේ යක්කලින් පටන් ගත්තේ. අද මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල පිරිසක් අපි එක්ක එකතුවෙලා ඉන්නවා. වෘත්තීය සමිති නියෝජිතයෝ, කලාකරුවෝ, සිවිල් පුරවැසියන්, දේශපානලන පක්ෂ වගේම රටේ ජනතාවත් ආණ්ඩුවේ මේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒ නිසා ඒ සියලු බලවේග එකතුකරගෙන ආණ්ඩුවේ මර්දනයකට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්. “

Related posts

Ammunition, military equipment discovered at residence of ‘Makandure Madush’s associate

Mohamed Dilsad

ව්‍යවස්ථාව අහෝසි කරන්න – කාදිනල් හිමි

Editor O

சிரியா கடல் பகுதியில் விழுந்து நொறுங்கிய ரஷிய ராணுவ விமானம்

Mohamed Dilsad

Leave a Comment