බද්දේගම ප්‍රාදේශීය සභා වාර්තාවේ ලේකම්ගේ අත්සන නැති බවත් එහි නීතිමය වලංගුභාවයක් තිබෙන්නේදැයි බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ සභා රැස්වීමේදී ප්‍රශ්න කළේය. සභාවේ ලේකම්වරයා විසින් සිංහල හෝ දෙමළෙන් සභා වාර්තාව පවත්වාගත යුතු බව සභා පටිපාටිවල සඳහන් වන බව චන්ද්‍රජෝති හිමියෝ ප්‍රකාශ කළහ. චන්ද්‍රජෝති හිමියෝ එම අදහස් පළ කළේ පසුගියදා පැවති, බද්දේගම ප්‍රාදේශීය සභා රැස්වීමේදීය. බද්දේගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සභා රැස්වීම පැවැත්වින.
ලේකම් විසින් සභා වාර්තාව සකස් කර සම්මත කිරීමෙන් පසු සභාපති අත්සන් තැබීම නීත්‍යානූකූල තත්ත්වය බවත්, සභා වාර්තාව සැකසීමේදී නිලධාරීන් වගවීමෙන් කටයුතු කළ යුතු බවත්, චන්ද්‍රජෝති හිමි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් සේනානායක මහතා අවධාරණය කළේය.
බද්දේගම ප්‍රදේශයේ පාසල් සහ ආදිශිෂ්‍ය සංගම් සඳහා බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණය සහනදායී ගාස්තුවකට ලබාදීමට සභාව තීරණය කළේය.
කුලසිරි මාඉටිපේ (ජාජබ): බද්දේගම ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත්‍රය අලුත්වැඩියා ව සහ නඩත්තු ව සඳහා කොපමණ මුදලක් වැය කළාද ? මෙම යන්ත්‍රය ගැන බරපතල විවේචනයක් තියෙනවා. උදේ 10.30 -11 පහුවෙලා වැඩ ආරම්භ කරන්නේ. හවස 02.30- 3 වෙද්දි වැඩේ නවත්තනවා. මහජන මුදල් වියදම් කරලා ජේසීබී යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ ප්‍රතිඵළයක් තියෙනවද?.
පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි (ජ.අ.ස): ජේසීබී යන්ත්‍රය ඵළදායී ආකාරයෙන් යොදා ගන්නේදැයි අධීක්ෂණයට නිලධාරියෙක් පත් කරන්න.
සභාපති ලලිත් සේනානායක: බද්දේගම නගරයේ රසවාඩිය රාත්‍රී 08.00 සිට සේවා මුරයක් අලුතින් ක්‍රියාත්මක කිරීම ට යොජනා කරනවා.
උදාර සම්පත් (සර්වජන බ.): රසවාඩියේ රාත්‍රී සේවා මුරයක් ක්‍රියාත්මක කිරීමට එක අතකින් කැමතියි. එක අතකින් විරැද්ධයි. පෞද්ගලික අංශයේ හෝටල් කරන අයට හරිම අමාරු කාලයක්. ඒ ගැන අවධානය යොමු කරන්න.
සභාපති ලලිත් සේනානායක :- රසවාඩිය ජනතාවගෙන් ලද යෝජනාවක්. බද්දේගම නගරයට එන ජනතාවට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන සැපයීම මෙහි අරමුණයි.
උප සභාපති සමන් සී ලියනගේ :- අධිවේගී මාර්ගයෙන් බද්දේගමට පැමිණෙන ජනතාවට සහ රාත්‍රී කාලයේ නගරයට එන ජනතාවට රසවාඩිය විවෘතව තැබීම පහසුවක්.
කුලසිරි මාඉටිපේ (ජාජබ):- බද්දේගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම් මන්දගාමීයි. වැඩ කඩිනම් කරන ලෙස කොන්ත්‍රාත්කරුට උපදෙස් දෙන්න.
ඩිලාන් කීඹියහෙට්ටි (සජබ) බද්දේගම නගරයේ පරණ ඉරිදා පොළ අසළ ගොඩනැගිල්ල නගරයට අවලස්සනක්.
ලාල් දේශප්‍රිය (ජාජබ):- බද්දේගම ආශ්‍රිත ගිං ගඟේ බෝට්ටු සේවයක් අරඹන්න. දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත හැකි ව්‍යාපෘතියක් වේවි.
පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි (ජ.අ.ස) බද්දේගම ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක්, බද්දට ගත් පාර්ශ්වය විසින් අලුත්වැඩියා කරලා: ලක්ෂ 64ක වියදම් ඇස්තමේන්තුවක් සභාවට එවලා. ඒ මුදල ඉල්ලලා සභාවට ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම ගෙවන්න බැහැ. අදාළ නිලධාරීන් මගින් තාක්ෂණික කමිටු වාර්තාවක් කැඳවීමට මුදල් කාරක සභාව තීරණය කළා. ඒ ගැන මේ වාර්තාවේ නැහැ. කොහොමද එහෙම වෙන්නේ. මේ විදියට මගහැර යනවානම් මේක ලේසියෙන් අතහරින්න බැහැ. ලක්ෂ 64ක් එකී පාර්ශ්වය ඉල්ලලා. මේ වාර්තාවේ ඒ ලක්ෂ 64 නැත්නම් එය ගෙවලද..? මහ සභාවේ සාකච්ඡා කරන්නේ නැතුව සල්ලි ගෙවලද?.නීති විරෝධී ගෙවීමකට අනුමැතිය දුන්නොත් ප්‍රාදේශීය සභා පනත අනුව එම මන්ත්‍රීවරුන්ට අධිභාරයක් ගෙවීමට සිදුවේවි.
ශාන්ත ඉළේපෙරුම (ශ්‍රීලපොජපෙ) : ඒ යෝජනාව වාර්තාවේ ඇතුළත් නොවීම ප්‍රශ්නගතයි.
සභාපති ලලිත් සේනානායක :- ඒ ගැන සොයාබලනවා.
