දේශීය

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට

(UTV | කොළඹ) – ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද(14) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ.

මෙම පිරිස අද දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය.

Related posts

කතානායක ආචාර්යය අශෝක රංවලගේ, ආචාර්යය උපාධිය ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරාවි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

Editor O

අලුත් සඳ සැප්තැම්බර් 29 පායයි.

Editor O

වනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

Editor O

Leave a Comment