Trending Newsඑසැන පුවත්දේශීය

හික්කඩුවේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද (01) පස්වරුවේ වෙඩි තඉා ඇත.

එම පස්දෙනාගෙන් එක් පුද්ගලයකු පමණක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එසේම මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති අතර වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ද පොලිස් බාරයට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

කෙසේවෙතත් වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවත් වාර්තා විය.

Related posts

China space mission lands on Moon’s far side

Mohamed Dilsad

காலநிலையில் திடீர் மாற்றம்

Mohamed Dilsad

තවත් වකුගඩු රෝගීන් රැසකට 5,000 දීමනාව හිමිවේ

Mohamed Dilsad

Leave a Comment