Trending Newsඑසැන පුවත්දේශීය

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

දේශීය ලොකු ලූණු සහ අල ගොවීන් රැකගැනීම සඳහා යැයි කියමින් ආණ්ඩුව අල සහ ලූණු ආනයන බදු වැඩිකරමින් චක්‍රලේඛයක් නිකුත් කළ ද ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් පිරිසක් ඊට දින දහයකට පෙර සිට බී ලූණු ටොන් 18000ක් සහ අල ටොන් 23000ක් රටට ගෙන්වා ඇති බවත් ඒ බද්ද පිළිබඳ තොරතුරු ආණ්ඩුව කලින්ම තමන්ට හිතවත් ව්‍යාපාරිකයින්ට ලබාදී ඇති බවත් සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. නිරෝෂන් පාදුක්ක මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“අපේ සියල්ල දත් ලාල්කාන්ත මහත්තයා සහ වසන්ත සමරසිංහ මහත්තයා මීට සති දෙකකට කලින් කිව්වා ආනයනික බී ලූණු සඳහා රුපියල් 10 බද්ද රුපියල් 50 දක්වා වැඩිකරනවා, අර්තාපල් බද්ද රුපියල් 60 සිට 80 දක්වා වැඩිකරනවා කියලා. දැන් සති දෙකක් තිස්සේ මේ ආණ්ඩුවට හිතැති කූඨ ව්‍යාපාරික රැළක් දිගින් දිගටම අල ගෙන්වනවා, ලූණු ගෙන්වනවා. දැනට අපට ලැබී තියෙන වාර්තා අනුව පහුගිය දින 10 ඇතුළත ලූණු ටොන් 18000ක් සහ අල ටොන් 23000ක් අර කූඨ ව්‍යාපාරිකයින් මේ බද්ද ගහන්න ඉස්සෙල්ලා ලංකාවට ගෙනල්ලා තියෙනවා. බද්ද පිළිබඳ තොරතුරු රජයෙන් තමන්ගෙ සුවච කීකරු ව්‍යාපාරික ප්‍රජාවට දීලා. ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාරට කියනවා මුදල් අමාත්‍යාංශයෙන් මෙන්න මේ චක්‍රලේඛයට අත්සන් කරන්න කියලා. ඔහු ප්‍රතික්ෂේප කරමින් කියනවා මේකත් සීනි, සුදු ළූණු වංචාව හා සමාන වැඩක්, මේක මට කරන්න බෑ කියලා. ඊටපස්සෙ රජයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රබල නිලධාරීන් කියනවා මේක ඉහළින් ආපු නියෝගයක්, ඔබ අත්සන් කරන්න කියලා. මිත්‍රවරුනි, ඔහු සිය ඉල්ලා අස්වීම බාරදෙනවා. එහෙම නිලධාරියා ඉල්ලා අස්වෙනකොට අනුර කුමාර ජනාධිපතිතුමාගෙ අත්සනින් 25 වෙනිදා චක්‍රලේඛය නිකුත් වෙනවා. අහිංසක අල ගොවියා, බී ලූණු ගොවියා හිතන් ඉන්නවා ආණ්ඩුව බද්දක් ගැහුවායි කියලා. ඒ බද්ද ගහනකොට තමුන්නාන්සෙලා නිෂ්පාදනය කරපු ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයක් ලංකාවට අල, ලූණු ගෙන්නලා. මේවා FCID දහයක් දාලා අනාගතේ හොයන්න වෙනවා. උසාවි තුන හතරක් අරින්න වෙන වංචා මේ වෙනකොට ලංකාව පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා”

Related posts

බස් ගාස්තු ගැන තීරණයක්

Mohamed Dilsad

Major reforms within UNP following No-Confidence Motion

Mohamed Dilsad

Sajith, Ranil in Laggala

Mohamed Dilsad

Leave a Comment