Trending Newsඑසැන පුවත්දේශීය

විදුලිබල මණ්ඩලයේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට අදාළ නියමයන් හා කොන්දේසි මෙලෙස ගැසට් කර ඇති බව සඳහන් ය.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය.

වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවකදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

වසර 10 කට වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින් සඳහා සේවය කරන ලද සේවා කාලයට අදාළ සෑම මාස 12ක් සඳහා මාස 5 වැටුප වන්දි වශයෙන් පිරිනැමෙන අතර සේවය කිරීමට ඉතිරිව ඇති කාලයට අදාළව කිසිදු ගෙවීමක් නොගෙවන බවඳ එහි දැක්වෙයි.

ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියමයන් සහ කොන්දේසි කිහිපයක් ආදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

“I devote My life for people’s well-being” – Sajith Premadasa

Mohamed Dilsad

Dubai Court postpones verdict on deporting ‘Makandure Madush’

Mohamed Dilsad

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment