Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කරයි…

මාලිමා ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග වෙත යොමු වීමට විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (29 ) තීරණය කර ඇත..

ආණ්ඩුව ඉතා සැලසුම් සහගතව විරුද්ධ පක්ෂවල දේශපාලනඥයින් මර්ධනය කිරීම සඳහා දියත් කර තිබෙන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බවටද විපක්‍ෂයේ පක්ෂ නායකයින් අතර අද (29) පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඇතුළු දේශපාලන පක්ෂ හා නියෝජිතයෙන් විශාල පිරිසක් සහභාගි වුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ සඳහා එක්ව සිටියේ නැත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මෙම සාකච්ඡා ආරම්භ කෙරිණ.

රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදුන් දිනයේදී අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කළ පාක්ෂිකයන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් සිදුකළ නියෝගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

උද්ඝෝෂණයේ නිරත පිරිස් අතර සිටි ඇතැම් ප්‍රධාන චරිත අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා ඔවුන් සැලසුම් සහගත වැඩපිළිවෙළක නිරත වන බවත් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.අවශ්‍ය වුවහොත් එලෙස අත්අඩංගුවට ගන්නා අයට නීතිඥ සහාය ලබාදිය යුතු බවටද මෙහිදී යෝජනා විය.

මේ අතර ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ඉදිරියේදී රට පුරා ජනතාව දැනුවත් කළ යුතුව ඇති බැවින් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වගකීම් පැවරෙන කමිටු පත් කර ගැනීමට යෝජනා කර තිබේ.

ජනතාව දැනුවත් කර ප්‍රධාන නගරවල උද්ඝෝෂණ.සත්‍යග්‍රහ ව්‍යාපාර.ප්‍රධාන රැලි සංවිධානය කළ යුතු බවටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් විකමසිංහ මහතාවතාව දැනුවත් කිරීමටද යෝජනා වූ බව සාකච්ඡාවට එක් වූ පක්ෂ නායකයෙක් පැවසීය.

ආණ්ඩුව දියත් කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධව ජාතික මට්ටමෙන් දියත් කරන වැඩපිළිවෙළට අමතරව ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය නායකයන්.සංවිධාන.ආයතන. අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය.ඇතුළු ආයතන කිහිපයක් දැනුවත් කිරීමටද මෙහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.

Related posts

රථයක් පෙරළීමෙන් අට දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Miley Cyrus, Cody Simpson spend first Thanksgiving together as couple

Mohamed Dilsad

கேரளாவில் பெய்து வரும் கனமழையினால் 11 அணைகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment