Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් බලන්න, විපක්ෂ නායක බන්ධනාගාර රෝහලට

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද මැගසින් බන්ධනාගාරය වෙත අද (23) උදෑසන පැමිණ තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.

Related posts

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය සහ ජවිපෙ ගත් තීරණය

Mohamed Dilsad

කළුතර සුද්දා අත්අඩංගුව ට

Mohamed Dilsad

“President decides to convene Parliament on Nov. 07” – Speaker informs Party Representatives [UPDATE]

Mohamed Dilsad

Leave a Comment