Trending Newsඑසැන පුවත්දේශීය

පාකිස්ථානයේ ගංවතුරෙන් 300ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ කාශ්මීර ප්‍රදේශයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 307 දක්වා ඉහළ ගොස් ඇති බවය.

වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ සඳහා යොදාගත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වයි.

මේ අතර එරට රජයේ කාලගුණික වාර්තාවන් පෙන්වා දී ඇත්තේ එළැඹෙන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවය.

ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටද පියවර රජය පියවර ගෙන ඇත

Related posts

පළාත් අතර දැඩි රැකවල්

Mohamed Dilsad

මෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්

Mohamed Dilsad

முதுகெலும்பற்ற அரசாங்கமல்ல இது

Mohamed Dilsad

Leave a Comment