හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විමර්ශනයට සහාය නොදී සැඟව සිටින්නේ නම්, ඒ මහතාගේ දේපළ රාජසන්තක කිරීම කෙරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ ලිපි ලේඛන සකස් කරමින් සිටින බවත් අදාළ ඉල්ලීම ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් සඳහන්ය.
අධිකරණ නියෝගයක් ලබාගෙන දේපළ තහනම් කිරීමට පියවර ගන්නා බව ද වාර්තා වේ.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවලදී ඔහු සිටින බවට තහවුරු වූ ස්ථාන කිහිපයකට ගියද අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබුණු අතර ඔහුට එරෙහිව වරෙන්තුවක් ද නිකුත් කර තිබේ
