දේශීය

අදත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අදාළ ප්‍රදේශය සහ විදුලිය කප්පාදුව සිදුවූ වේලාවන් නිවැරදිව සඳහන් කර පැමිණිල්ල යොමු කළ යුතු බවයි.

මේ අතර අද දිනයේත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ – බී සහ සී කාණ්ඩවලට දිවා කාලයේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර අනෙකුත් කලාපවලට අද දිවා කාලයේදී හෝ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.

Related posts

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment