දේශීය

එන්නත් 02 ම ඇති ලාංකිකයන්ට UAE යාමේදී PCR අවශ්‍ය නෑ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන , සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට , පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 07 ක් පිහිටා තිබේ .

එහෙත් මෙම ගුවන් මගීන් අතරින් එක් එන්නතක් පමණක් ලබා ගෙන ඇති ගුවන් මගීන් වෙතොත් , එම ගුවන් මගීන් , තමා පිටත්ව යාමට පැය 48 කට , එනම් දින 02 කට පෙර , කොරෝනා මර්දන දෙවන එන්නත ලබා ගෙන තිබිය යුතු බවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය .

Related posts

රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය මුදල ඉහළ දමයි

Editor O

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

Mohamed Dilsad

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විශේෂ කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment