Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ ට එරෙහිව තවත් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 70ක මුදලක් වංචනික ලෙස පරිහරණය කළේයැයි ගොනුකර ඇති නඩුවට අදාළව, වන නිමල් පෙරේරා නමැති ව්‍යාපාරිකයකුට අයත් බැංකු ගිණුම් දෙකක් පිළිබඳව තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

‘ක්‍රිෂ්’ නමැති ඉන්දීය සමාගමක් විසින් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලබාදුන් බව කියන එකී මුදල්, ඩබ්ලිව්. ඩී. නිමල් එච්. පෙරේරා නමැති ව්‍යාපාරිකයා විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් දෙකකට බැර කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ගිණුම්වලට විදේශීය පුද්ගලයන් විසින් රුපියල් මිලියන ගණනක සැකකටයුතු තැන්පතු කර ඇති බවටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තුරු විමර්ශන ගොනුව විවෘතව තබන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය, අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කාරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් වහාම හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර, ඒ අනුව විමර්ශන ගොනුව විවෘතව තැබීමට නියෝග කළාය.

Related posts

(UPDATE)- திகன சம்பவம் – தீயில் கருகி முஸ்லிம் இளைஞர் பலி

Mohamed Dilsad

7 Individuals from Southern Province SIU and Forest Ranger in connection with Rathgama incident remanded

Mohamed Dilsad

நீர்த்தேக்கத்தின் 3 வான்கதவுகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment