Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික පොලිස් කොමිෂමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි.

ජාතික පොලිස් කොමිෂමේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක මහත්මිය ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක ජගත් වික්‍රමරත්න වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් ජාතික පොලිස් කොමිෂම වෙත ද ලැබී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වන රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි

.රේණුකා මහත්මිය, පශූ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී 2018 වසරේදී එම අමාත්‍යාංශයෙන් කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කර තිබිණි.

Related posts

2019ம் ஆண்டுக்கான வரவு செலவுத் திட்டம் மார்ச் 05ம் திகதி

Mohamed Dilsad

Lara discharged from Mumbai hospital

Mohamed Dilsad

පානදුර වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment