Trending Newsඑසැන පුවත්දේශීය

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කරයි

අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් එම පත් කිරීම්්කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර අඅත

Related posts

SLC clarifies reports on World Cup captaincy

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

Mohamed Dilsad

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

Leave a Comment