Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. බැංකුවේ අද (23) මහ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර තිබේදැයි මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා එසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීවේය. “මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ.මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා. මේක අත්හිටුවනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ.”

Related posts

‘சாமி ஸ்கொயர்’ படத்தில் விக்ரமுடன் இணைந்து பாடிய கீர்த்தி சுரேஷ்

Mohamed Dilsad

The Angry Birds sequel lands in 2019

Mohamed Dilsad

CBK opposes SLFP-SLPP alliance

Mohamed Dilsad

Leave a Comment