Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ගේ නිවසට අල්ලස් කොමිෂමේ නිලධාරීන් ගිහින් නෑ …!

රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචා කළැයි චෝදනා එල්ල වී සිටින අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)  රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් කොමිෂමේ නිලධාරීන් පැමිණ නැතැයි වාර්තා වේ.

රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් නිලධාරීන් ඇතුළු වී ඔහු රැඳී සිටි ස්ථාන කිහිපයක් අල්ලස් කොමිෂමේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ තමා මේ වනවිටත් නිවසේ රැඳී සිටින බවය.

2021 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී නයිජීරියානු ජාතිකයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී අදාළ විදෙස් කල්ලිය විසින් උපයාගත් රු ලක්ෂ 75ක මුදලක් කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරදී තිබුණි. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කර තිබුණේ රොහාන් ප්‍රේමරත්න මහතාය.

අදාළ සිදුවීමට අදාළ රු ලක්ෂ 75ක මුදල අධිකරණයට බාරනොදී ආපසු සැකකරුවන්ට භාරදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

Related posts

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවයි

Editor O

பாதிக்கப்பட்ட விவசாய சமூகத்திற்கு நிவாரணம்-ஜனாதிபதி

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment