Trending Newsඑසැන පුවත්දේශීය

චමුදිත, විජේදාසගෙන් සමාව ගනී

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ.

ඒ, චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් නාලිකාවක් ඔස්සේ අපහාසත්මක කරුණු අඩංගු සම්මුඛ සාකච්ඡාවක් විකාශය කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානිකිරීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන අයට එරෙහිව ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ විසින් ගොනුකර තිබූ නඩුවක් ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී ය.

එස්. තුරෙයිරාජා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබුණු අතර පුද්ගලයන්ට අපහාස කිරීමෙන් හෝ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කළ හැකි හැසිරීම් වල යෙදීමෙන් වළකින ලෙස විනිසුරු මඬුල්ල වග උත්තරකරුවන් දෙදෙනාට එහිදී දැඩි අවවාද කර ඇත.

විශේෂයෙන් යුක්තිය පසිඳලීමේ කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් නොසැලකිලිමත්, පදනම් විරහිත හෝ අපහාසාත්මක ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමෙන් ඇති විය හැකි බරපතල නීතිමය ප්‍රතිවිපාක පෙන්වා දී ඇති විනිසුරු මඬුල්ල ප්‍රකාශනයේ නිදහස වගකීමෙන් යුතුව භාවිතා කළ යුතු බවත්, මාධ්‍යවේදින් එය අනිසි ලෙස භාවිතා කිරීම නොකලයුතු බවත් අවධාරණය කර ඇති අතර පුද්ගලයන්ට අපහාස කිරීමෙන් හෝ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කළ හැකි හැසිරීම් වල යෙදීමෙන් වළකින ලෙස ද තරයේ අවවාද කර ඇති බවත් සඳහන්.

Related posts

US to impose new sanctions on Russia for supporting Syria

Mohamed Dilsad

“Innovations raise Lankan start-ups to global levels” – Minister Bathiudeen

Mohamed Dilsad

ජනතාව රවටා ඡන්දය ගත් අයට පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලැබේවි – සාගර කාරියවසම්

Editor O

Leave a Comment