Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක තෙල් මිල බහිද්දි ලංකාවේ තෙල් මිල වැඩිවන මිල සූත්‍රයක් දැන් තියෙන්නේ – රංජිත් මද්දුමබණ්ඩාර

යහපාලන ආණ්ඩුව සමයේ ගොනුකළ නඩුවල ලිපිගොනු තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන බැවින් එම නඩු නැවත කැඳවීම කඩිනම් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මහ ලේකම්වරයා මෙසේද කියා සිටියේය.

“අද වනවිට රටේ ජනතාවට ජිවත් වීම ඉතා අසීරු වී තිබෙනවා. ඒ වගේම රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන අතරවාරයේ ඉන්ධන මිලත් වැඩි කරන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ වගේම පසුගිය සතියේ තමයි වැඩිම මුදලකින් ඉන්ධන මිල වැඩි කළේ. පෙට්‍රල් රුපියල් 12කින් සහ ඩීසල් රුපියල් 15කින් වැඩි කරන්න රජය කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වැඩි වන ආකාරයට මිල සූත්‍රයකට අනුව තමයි ලංකාවේ ඉන්ධන මිල අඩු වැඩි කරන්න පසුගිය ආණ්ඩු කටයුතු කළේ. ඒ වගේම මේ වසරේ ජනවාරි මාසයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.27ක්, ඒ වගේම මේ වසරේ අප්‍රේල් මාසයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68.13 ක්, ඒ වගේම අද වන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 66.36ක් වෙනවා. කෙසේ නමුත් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වන විට ලංකාවේ ඉන්ධන මිල වැඩි වෙනවා.

විදුලිබල මණ්ඩලය තුළ සහ විදුලිබල අමාත්‍යාංශය තුළ මහා පරිමාණ දූෂණ වංචා සිදුවන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ සියලු දූෂණ නැතිකර විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කරන බව ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළා. කෙසේ නමුත් බලය ලබාගත් ජාතික ජනබලවේගය සියයට 15 කින් විදුලි බිල වැඩි කරන්න කටයුතු කරලා තිබෙනවා. ජලය හිඟ කාලවලදී ඩීසල් විදුලි බලාගාරවලින් සහ පුනර්ජනනීය ක්‍රම හරහා විදුලිය නිෂ්පාදනය කරනවා. කෙසේ නමුත් තාප විදුලිය නිෂ්පාදනය කරන ඉන්ධන මිල ලෝක වෙළඳපොළේ අඩු වී තිබෙනවා.”

Related posts

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Singapore firms bullish about Sri Lanka amid news of FTA

Mohamed Dilsad

இன்று(26) நள்ளிரவு முதல் குறைக்கப்படும் பஸ் பயணக் கட்டணங்கள்

Mohamed Dilsad

Leave a Comment