Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ ඉන්නේ වැඩබැරි ටාසන්ලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

වත්මන් කැබිනට් මණ්ඩලය සමඟ රටට ඉදිරියට යා නොහැකි අතර වැඩ බැරි ටාසන්ලා පැත්තකින් තබා 159 දෙනා අතුරින් අලුත් කණ්ඩායමක් පත්කරගන්නා ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

නලින් බණ්ඩාර මහතා මෙසේ ද කී‌වේය. පහුගිය ටිකේ නඩු ගණනාවක් ගැන කතා වුණා. තාම ක්‍රියාත්මක වෙන්නේ වසර ගණනාවක්,විශේෂයෙන් යහපාලන කාලේ ක්‍රියාත්මක වුණු නඩු. අලුතෙන් නඩු වැටෙනවා නම් ෆයිල් තියෙනවා නම් ඒවා වහාම ක්‍රියාත්මක කරන්න. අපිටත් අවශ්‍යයි පිරිසිදු කරලා රට ඉස්සරහට යන්න. හැබැයි නඩු වලින් විතරක් රට ඉස්සරහට යන්නේ නැහැ.

වැඩ කරන්න ඕනේ. අවශ්‍ය නීති රීති අණ පනත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපිට පෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ ඇමතිවරු අතිබහුතරයක් වැඩ කරනවා කියල. අතේ ඇඟිලි ගානට අඩුයි වැඩ කරනවා කියල ටිකක් හරි දැනෙන ඇමතිවරු ඉන්න ගාන. මම ජනාධිපතිවරයට යෝජනා කරනවා ඔයගොල්ලන්ට 159ක් තියෙනවා. දැන් අවුරුදු භාගයකට වැඩි කාලයක් ගතවුණා.කැබිනට් රිෂපල් එකක් කරන්න. වැඩකරන්න බැරි අය පැත්තකට තියල, වැඩබැරි ටාසන්ලා පැත්තකට තියල 159ක්ම ඉන්නවනේ,තව ටීම් එකක් ටෙස් කරලා බලන්න. මේ කැබිනට් මණ්ඩලයත් එක්ක නම් රටට ඉස්සරහට යන්න බැහැ.” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරයි.

Related posts

சுரிநாம் ஜனாதிபதிக்கு சிறை தண்டனை

Mohamed Dilsad

Police requests public to display contact details on vehicles when parking near public places

Mohamed Dilsad

Minister Swaraj to hold meeting on arrest of fishermen in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment