Trending Newsඑසැන පුවත්දේශීය

කැකිරාව තේරීම්බාර නිලධාරීට අතුරු තහනම් නියෝගයක්

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා  සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය විසින් ලබාගත් ආසන සඳහා කාන්තා මන්ත්‍රීවරියන් නම් කරන ලෙස ඉල්ලා කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් දෙදෙනෙකු වන චන්දිම ගමගේ සහ අයි.එම්..පී.කේ. ඉලංගසිංහ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය  ජුනි 16 වන දින දක්වා බලපැවැත්වෙන බවත් අධිකරණය මෙහිදී නිවේදනය කළේය. පෙත්සම්කරුවන් කියා සිටින්නේ සමගි ජන බලවේගය විසින් කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආසන හතරක් දිනාගත් බවත් ඉන් ආසන තුනක් සමානුපාතික නියෝජනය යටතේ ලබාගෙන තිබෙන බවත් තේරීම් භාර නිලධාරියා විසින් පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති බවය.

සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් එම ආසන තුන සඳහා අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ හෝ මූලික නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් කාන්තා සාමාජිකාවන් පත් කළ යුතු බවට තේරීම් භාර නිලධාරියා අදාළ ලිපිය මගින් සඳහන් කර ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් කර ඇත.

සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් ආසන තුන සඳහා කාන්තා සාමාජිකාවන් පත් කරන ලෙස තේරීම් භාර නිලධාරියා විසින් ගනු ලැබූ තීරණය පළාත් පාලන ඡන්ද විමසීම පනතේ විධිවිධාන වලට පටහැනි බවත් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Related posts

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

Mohamed Dilsad

Sri Lankan Navy accused of chasing away Indian fishermen from island waters

Mohamed Dilsad

அஜித் ரசிகர்களுக்கு ஓர் மகிழ்ச்சியான செய்தி!

Mohamed Dilsad

Leave a Comment