Trending Newsඑසැන පුවත්දේශීය

පනස් වෙනි වෙඩිල්ල පානදුරෙන්

පානදුර, වෑකඩ ත්‍රිරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා සිදුකරන ස්ථානයක  හිමිකරුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

අද (29) උදෑසන 10ට පමණ අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ අතර, වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ පිටුපස ප්‍රදේශයට වැදී සුළු තුවාල සිදුව තිබුණි. තුවාලකරු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසීය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටී -56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන අයුරු එම දර්ශනවල සටහන්ව තිබේ.වෙඩි ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බව පොලීසිය පවසයි.

පසුගිය දිනවල නිලංග සහ පානදුරේ කුඩු සළිඳු පාර්ශවයන් අතර මාලමුල්ල හා මාදුපිටිය ප්‍රදේශවලදී එකිනෙකා අතර වෙඩි ප්‍රහාරයන් එල්ල කරගෙන තිබුණි. පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පසුගිය මාස කිහිපය තුළ වාර්තාවූ 50 වෙනි වෙඩිතැබීම මෙය බවද සඳහන්.

Related posts

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

සාමාන්‍ය ජනතාවට කොරෝනා මර්දන එන්නත නොමිලයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment