Trending Newsඑසැන පුවත්දේශීය

රෝහල් රැසක ඖෂධ හිඟයක්…? පරීපූරක වෛද්‍ය වෘත්තීකයන් වැඩ වර්ජනයක් ඇරඹීමේ සූදානමක්…?

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවය.

“ඖෂධ විශාල සංඛ්‍යාවක හිඟයක් සම්බන්ධයෙන් රෝහල්වලින් වාර්තා වෙනවා. පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. ඒ වගේම රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග තිබුණේ නෑ. තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් තියෙන්නේ. ලැබෙන තොරතුරු තමයි ප්‍රතිජීවක, වේදනානාශක, ඒ වගේම ඉන්සියුලීන්වල ගැටලුවක් තියෙනවා. ඒ වගේම හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ඒ වගේම ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ගැටලු සමස්තයක් විදියට රෝහල් පද්ධතියේ වගේම ප්‍රාදේශීය වශයෙන් අපිට දකින්න ලැබෙනවා. සමහර ඖෂධ හිඟය රෝහල් පද්ධතිය තුළම තියෙනවා.”

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගමින් හෙට (22) දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ අනුව හෙට උදේ 8ට වර්ජනය ආරම්භ කිරීමට නියමිත අතර, වර්ජනයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බව ද රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

අදාළ ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා නොදුන් බවත්, ඔවුන් මේ සඳහා කිසිදු මැදිහත් වීමක් සිදුනොකළ බැවින් මෙලෙස වර්ජනයකට යෑමට සිදුවු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ஜனாதிபதி தேர்தலை எதிர்கொள்வதற்கு ஐக்கிய தேசியக் கட்சி தயார் – ஹிருணிகா

Mohamed Dilsad

ஹெரோயினுடன் ஒருவர் கைது

Mohamed Dilsad

At least 14 killed in China highway accident

Mohamed Dilsad

Leave a Comment