Trending Newsඑසැන පුවත්දේශීය

කෘෂිකාර්මික 2025 සහ කෘෂිකාර්මික නොවන 2026 සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කෘෂිකාර්මික කටයුතු 2025 සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2013/14 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ. 

සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරිම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි, 2025 සහ 2026 යන වර්ෂයන්හි දී ආර්ථික සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමැතිය ලබාදී තිබේ.

Related posts

ඡන්ද විමසීම් රාජකාරි සඳහා සියලුම නිලධාරීන්,සේවකයන් සේවයට වාර්තා කිරීම අත්‍යාවශ්‍යයි

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද අගමැති හමුවට

Mohamed Dilsad

கைது செய்யப்பட்ட கைதி C.I.D யில் ஒப்படைப்பு

Mohamed Dilsad

Leave a Comment