Trending Newsඑසැන පුවත්දේශීය

මැයි 03 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන්, මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලු ප්‍රචාරක කටයුතු එළැඹෙන මැයි මස 03 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ අනුව මැයි මස 03 වැනි දිනෙන් පසුව මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය බවට ප්‍රකාශයට පත් කරන බවය.

මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අද දිනය දක්වා ක්‍රියාත්මක කර ඇති බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ අදින් පසු නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ නම් මේ මස 30 වැනිදායින් පසුව තමන්ගේ ප්‍රදේශය තුළ පිහිටි උප තැපැල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව ඇති බවය. 

තවද මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමේදී උචිත ලකුණ සළකුණු කිරීම සඳහා සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවට බෙදීම සඳහා ලබා දුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 94%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෙදා හැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවද පැවසුවේ අදින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මැතිවරණ දිනයය දක්වා වූ කාලය තුළ තමන්ට අයත් තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලය වෙත පිවිස සිය අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බවය. 

Related posts

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

Editor O

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

Mohamed Dilsad

பணப்பரிமாற்றம் தொடர்பில் மக்களே அவதானமாக செயற்படுங்கள்!!!

Mohamed Dilsad

Leave a Comment