Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂක තත්ත්වය යහපත් නොවන නිසා රාත්‍රී කාලයේ ජන හමු නොපවත්වන ලෙස දැනුම්දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

ආණ්ඩුවේ නොහැකියාව, බුද්ධි තොරතුරු නොමැති වීම, අත්දැකීම් නොමැති පිරිසක් රටේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සමග කරන සෙල්ලම විශාල අර්බුදයක් බවට පත්ව ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය යහපත් නොවන නිසා රාත්‍රියට මහජන රැස්වීම් නොපවත්වන ලෙස දැනුම් දී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි. වෛරී සමාජයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය භීෂණය වැපිරීම පරාජය කිරීමට සියලු දෙනා එකතු විය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.

ආණ්ඩුවේ fake කමෙන්ට් බලකාය යම් සාධනීය විවේචනයක් කළ විට පවා විපක්ෂයේ දේශපාලනඥයන් වෙත මරණ වරෙන්තු නිකුත් කරමින් ඇතැයි ද දිලිත් ජයවීර පෙන්වා දෙයි.

Related posts

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

Editor O

“ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම මගේ අරමුණයි”අගමැති

Mohamed Dilsad

Leave a Comment