Trending Newsඑසැන පුවත්දේශීය

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

ශ්‍රී දළදා ප්‍රදර්ශනය කලින් සැලසුම් කර තිබූ පරිදිම 27 වෙනි ඉරිදා දින අවසන් කරන බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ අනුව දළදා වන්දනාවේ දිනයන් කිසිදු දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද හෙතෙම පැවසුවේය.

මෙවර දළදා වන්දන අවස්ථා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටින බවද පැවසූ ඔහු මෙහිදී වන්දනා කරන බැතිමතුන්ට රැඳී සිටීමට සකස් කළ සියළු ඒ ප්‍රදේශයත් පිරී ඉතිරී ගොස් ඇති බවත් පැවසීය.

දෛනිකව බැතිමතුන්ගේ පැමිණීම නිසා මේ වන විට වන්දනා කර ගැනීමට ඇති ඉඩකඩවල අඩුවක් පවතින බවත් බැතිමතුන් රාශියක් මේ ප්‍රදේශ තුළ රැඳී සිටීම නිසා පරිසරික වශයෙන් වගේම සනීපාරක්ෂක පහසුකම් සපයා දීමේ අවහිරතාවයන් ඇතිව තිබෙන බවත් පැවසුවේය.

https://www.facebook.com/sridaladamaligawa?ref=embed_video

Related posts

Dilshan insists no decision made on contesting election

Mohamed Dilsad

රට ගොඩනග වැඩපිළිවෙලට සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බලය දෙන්න. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලසීමාවෙන් පසු නාම යෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරලා. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ

Editor O

Leave a Comment