Trending Newsඑසැන පුවත්දේශීය

ඩයනා ගමගේට එරෙහි නඩුවක් කල් දමයි

වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවල විභාගය ජුලි මස 31 දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි. එහෙත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද දින නඩු කටයුතුවලට සහභාගී නොවූ බැවින් එම නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේය. එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේ අදාළ නඩුව විභාගය සඳහා ජූලි මස 31 වන දක් කැඳවන ලෙසය. 

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම සහ මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍ර හතක් ඉදිරිපත් කර තිබේ.

Related posts

ගාල්ලේ පාසැල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

Pentagon to test new anti-missile system in wake of North Korea threat

Mohamed Dilsad

මහවිරු සැමරුම් උත්සව ප්‍රචාරය කළැයි : දේශපාලන ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment