Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති බංගලා ලබා ගැනීමට 60 දෙනෙකුට වැඩි පිරිසක් ඉල්ලීම් කරලා

ඇමැති බංගලා වත්මන් රජය පාවිච්චියට නොගන්නා බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් නිසා  ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. මෙලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 60කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇත. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසූවේ ඇමති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බවය.එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සදහන්  කළේය.  ඇමති බංගලා 50ක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක්

Mohamed Dilsad

தொடங்வல பிரதேசத்திற்கு அருகில் ஏற்பட்ட மண்சரிவு தொடர்பில் ஆய்வு

Mohamed Dilsad

“සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ සැමට තුති” – රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment