Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර තිබෙන බවත් සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් වී ඇති නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවත් පැවසුවාය. 

ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළේය.

ඇපකරුවන් සැකකරුගේ ළඟම ඥාතීන් විය යුතු බවත් ඔවුන් විසින් ඇප තැබීමේදී පදිංචිය තහවුරු කෙරෙන සහතික  ඉදිරිපත් කළ යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියම කළාය. ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරුණි.

ඉන් අනතුරුව නඩුව ජුනි මස 17 වනදා යළි කැඳවීමට නියම කළේය. ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙම සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙයින් ඔහුට අද සහ හෙට (09) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට බන්ධනාගාර බලධාරීන් අවසර දී ඇති බව පැවසුවේය. 

ඒ අනුව සැකකරු පාර්ලිමේන්තු රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

Related posts

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

பத்தேகம – காலி பாதையில் பல இடங்கள் நீரில் மூழ்கின

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment