Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

දින තුනකදී රුපියල් කෝටි 43,537ක් අහිමි වු කොළඹ කොටස්වෙළෙඳපොළ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නව තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමග ලෝකයේ රටවල් ගණනාවක කොටස් වෙළඳපොළ ගනුදෙනුවල දැවැන්ත පසුබෑමක් වාර්තා වෙමින් තිබේ. ඒ අනුව, කොළඹ කොටස් වෙළඳපොළ ද ගනුදෙනු සිදුකළ දින තුනක් තුළ ඉතිහාසගත කඩාවැටීමක් පෙන්නුම් කළේය.

අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් වශයෙන් සටහන්ව තිබිණි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව තීරුබදු පැනවීම සිදුව තිබුණේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 03 වනදා අලුයම ය. ඒ අනුව, එම නිවේදනයෙන් පසු කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදුකෙරුණු අප්‍රේල් 03, 04 සහ 07 යන දින තුන අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළ යෑමක් වාර්තා කර ඇත. එනම් මෙම ගනුදෙනු දින 03 තුළ දී පමණක් ඒකක 1,346.99 කින්, නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.

එසේම අප්‍රේල් 02 වනදා ගනුදෙනු අවසන් වෙද්දී කොළඹ කොටස් වෙළඳපොළේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරන වටිනාකම රු. බිලියන 5,688.56ක් වශයෙන් සටහන්ව පැවතිණි. එම වටිනාකම ඊයේ (07) ගනුදෙනු අවසන් වෙද්දී රු. බිලියන 5,253.18ක් දක්වා පහත වැටී ඇත. ඒ අනුව ඉහත කී දින 03 තුළ දී පමණක් රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක්, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත්ව තිබේ. ඊයේ (07) දිනය තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපොළට අහිමි වූ වටිනාකම රුපියල් කෝටි 22,700 කි.

Related posts

තිරුක්කෝවිල් පොලීසියේ වෙඩි තැබීමෙන් 4ක් මිය යයි

Mohamed Dilsad

கேரளாவில் கனமழை காரணமாக நிலச்சரிவு

Mohamed Dilsad

Adverse Weather: Hotline to report power failures

Mohamed Dilsad

Leave a Comment