Trending Newsඑසැන පුවත්දේශීය

මියන්මාර වැසියන්ට අධාර දීමට මහ සඟරුවන, අප්‍රේල් 11දා රටපුරා පිණ්ඩපාත චාරිකාවක

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමි ඒ බව පැවසූහ. එමෙන්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වය මියන්මාරයට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවය.

පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 2,700 ඉක්මවා ඇති අතර තවත් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. එමෙන්ම ගොඩනැගිලි කඩා වැටීමත් සමග සුන්බුන්වලට යටවී අතුරුදන්වූවන් සොයා මියන්මාරයේ සහ තායිලන්තයේ සිදුකෙරෙන මෙහෙයුම් අඛණ්ඩව  ක්‍රියාත්මකය.

මේ අතර භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට පිටත්කිරීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය. අමාත්‍යවරයා පැවසුවේ අදාළ තනාපති කාර්යාල වලින් දැනුම් දීම් කළ වහාම අදාළ වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවීම සඳහා කටයුතු කරන බවය.

Related posts

President, UNF meeting concludes [UPDATE]

Mohamed Dilsad

2019 first school term begins tomorrow

Mohamed Dilsad

අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment