Trending Newsඑසැන පුවත්දේශීය

උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයෙක් ට සහ පුද්ගලික ලේකම්වරියකට වසර 16 සිර දඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.  ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණි.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

හම්බන්තොට මනාප ප්‍රතිඵළ

Editor O

ஆர்ப்பாட்டப் பேரணி மீது கண்ணீர்ப் புகை மற்றும் நீர்த்தாரை தாக்குதல்

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

Mohamed Dilsad

Leave a Comment